admin

admin

ප්‍රගීත් එක්නැලිගොඩගේ සම්බන්ධතා ගැන සුරේෂ් සලේ සහ මුරලි අධිකරණය හමුවේ හෙළි කළේ මොනවා ද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව සිකුරාදා (ඔක්: 16) කොළඹ විජේරාම මාවතේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගැනිණි.

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ කොටුවේ රැඳී සිටින භික්ෂූන් ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණය දුන් නියෝගය

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කර…

නාමල්ගේ ඇප නියෝගය සූදානම් කර ගැනීමට නොහැකි වූ බව මහේස්ත්‍රාත් දැනුම් දෙයි: ජානකී සිරිවර්ධනට නියෝගයක් දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ඔක්තෝබර් 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය. ඒ, එම නඩුව අද (ඔක්:…

සිපගැනීමකින් සිෆිලිස් බෝවෙන්නේ නැද්ද? බොහෝ දෙනෙක් නොදන්නා ‘ගුප්ත රෝගයේ’ ඇත්ත නැත්ත

2021 වසරට පෙර ශ්‍රී ලංකාවෙන් වසරකට වාර්තා වූයේ, සිෆිලිස් රෝගීන් 100කටත් වඩා අඩු සංඛ්‍යාවකි. නමුත් විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, වර්තමානය වන විට එම සංඛ්‍යාව වසරකට 1,500ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ වසර 10කට අසන්න කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර අද (ඔක්. 15) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි…

‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක්’: ගොදුරක් නොවීමට ඔබ දැනගත යුතු දේ

මේ දිනවල රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි. ඉන්ෆ්ලුවෙන්සා යනු, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ඊට හේතු වේ.

2026 ලොව දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා රුමේෂ් තරංගට ඡන්දය පළ කරන්නේ මෙහෙමයි

2026 ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛන මේ වන විට නිවේදනය කර තිබේ. ඉතිහාසයේ පළමු වරට මෙවර වසරේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට…

ජංගම දුරකතනවල තිරයෙන් නිකුත් වන නිල් ආලෝකය ගැන අලුත් සොයා ගැනීමක්

දශකයකට ආසන්න කාලයක් තිස්සේ අප අසා තිබුණේ ජංගම දුරකතනවල තිර (screens) අපගේ නින්ද විනාශ කරන බව ය. නමුත් සැබවින් ම නින්දට වඩාත් ම හානිකර බලපෑම එල්ල කරන්නේ ඔබේ දුරකතනයේ තිරයෙන් නික්මෙන ආලෝකයට වඩා බොහෝ විශාල වෙනත් සාධකයකි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතුළත් ඔබට බලපාන සුවිශේෂී කරුණු

පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය අනුව කෙනෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ද යන්න තීරණය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇඳුම්, භාවිත කරන සංඥා, පච්ච සටහන්, භාෂාව, ඇසුරුම් සහ නිතර යන ස්ථාන වැනි කරුණු සැලකිල්ලට ගත හැකි බැවින්, එවැනි කරුණු විමර්ශනයට අදාළ විය…

උපාධිධාරී ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි: සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන්නේ කෙසේ ද?

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහළ දෙමළ හා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට මැයි 24 වන දින පැවැත්වූ තරග විභාගයට අදාළ ප්‍රතිඵල අද (ඔක්. 14) නිකුත් කිරීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ…