ඉදිකිරීම් පුවත් සහ උපදෙස්
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නවතම තොරතුරු, ගොඩනැගිලි ද්‍රව්‍ය මිල වෙනස්වීම්, නිවාස ඉදිකිරීමේ උපදෙස් සහ නිවැරදි ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ Aruni Build Mart වෙතින් දැනගන්න.
-

රාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැ: 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවිණි.
-

චෙම්මනි සමූහ මිනීවළ: අතුරුදන් වූවන්ගේ නීතිඥයෝ DNA පරීක්ෂණයක් ඉල්ලති
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන්, අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතා ඉදිරිපත් කළ බව නීතිඥ වී. කේ. නිරංජන් පවසයි.
-

උසස් පෙළ සිසුවියකට ‘ලිංගික අපරාධයක් කළ’ හින්දු පූජකවරයෙකුට අධිකරණය දුන් තීන්දුව
2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු පූජකවරයෙකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැත්තාට වවුනියාව මහාධිකරණය නියම කර තිබූ සිර දඬුවම් හා දඩ මුදල් අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබ තිබේ. මෙම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පූජකවරයා…
-

SLAS ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ පුරප්පාඩු 974කට අයැදුම්පත් කැඳවයි: ඔබ දැනගත යුතු සියලු කරුණු
ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත සේවාවන් අටක III ශ්‍රේණියේ (විධායක) පවතින පුරප්පාඩු 974ක් සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ පොදු තරග විභාගයට අයැදුම්පත් කැඳවා තිබේ. ඊට අදාළ තරග විභාගය 2027 පෙබරවාරි මාසයේදී දිවයිනේ සියලු ම පළාත්වල ප්‍රධාන නගරවලදී පැවැත්වීමට නියමිත ය. 2026 නොවැම්බර් 16 වන දින පෙරවරු 9.00 සිට 2026 දෙසැම්බර් 11 වැනි දින පස්වරු 9.00 දක්වා…
-

සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත්, සති අන්තයේදී වැඩි වේලාවක් නිදාගත යුතු ද?
සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලබන අයට, අමතර නින්දක් ලැබීම විශේෂයෙන්ම ආකර්ෂණීය දෙයක් විය හැකි ය. වැඩිහිටියන් සාමාන්‍යයෙන් පැය හතත් නවයත් අතර කාලයක් නිදා ගැනීමට උත්සාහ කළ යුතු බවට උපදෙස් දෙනු ලබන අතර, බොහෝ නව යොවුන් වියේ පසුවන්නන්ට පැය අටත් දහයත් අතර නින්දක් අවශ්‍ය වන බව සැලකෙයි. එහෙත්, එය සෑම විට ම කළ හැකි දෙයක් නොවේ.
-

2070 වන විට ලෝකයේ ආගමික ජන සංයුතියේ වෙනසක් – මුස්ලිම්වරුන් විශාලතම ආගමික ජන කණ්ඩායම බවට පත්වනු ඇතැයි පුරෝකථනයක්
ලොව ආගමික ජනගහනය 2070 වසර දක්වා වෙනස් වන ආකාරය පිළිබඳ Pew Research Center ආයතනයේ නව අධ්‍යයනයකට අනුව, 2020 වසරේදී ඉන්දියාවේ ජනගහනයෙන් 79%ක් වූ හින්දු ජනගහන ප්‍රතිශතය 2070 වන විට 76% දක්වා අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එම කාලය තුළ මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 15% සිට 20% දක්වා ඉහළ යනු ඇතැයි ද එහි සඳහන් වේ.
-

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරු නිලධාරියෙකුට වසර 16ක සිර දඬුවමක්: ප්‍රජා අයිතියත් අහෝසි යි
2011 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර කාර්යාලයේ තක්සේරුකරුවෙකු වශයෙන් රාජකාරී කරමින් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් වාර්ෂිකව අයකළ යුතු බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 04ක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 3,75,000ක මුදල් අල්ලස් වශයෙන් ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබිණි.
-

නාසා ආයතනය පිටසක්වළ ජීවීන්ට පෘථිවිය ගැන පණිවුඩයක් යැව්වේ ඇයි?
පිටසක්වළ ශිෂ්ටාචාරයක් මෙම තැටිය සොයාගතහොත් එහි අන්තර්ගතය තේරුම් ගන්නේ කෙසේ ද? එහි අන්තර්ගතයෙන් මනුෂ්‍යත්වය පිළිබඳ හෙළිවන්නේ කුමක් ද? එහි ඇති සිතියම ආධාරයෙන් ඔවුන්ට අපගේ පෘථිවිය සොයාගත හැකි වේවි ද?
-

මියන්මාර ජන සංහාර නඩුවේ තීන්දුව ලෝකයට දෙන පණිවුඩය කුමක් ද?
මියන්මාර හමුදාව විසින් එරට මුස්ලිම් රෝහින්ජා සුළුතර ප්‍රජාවේ දහස් ගණනක් ඝාතනය කර වසර නවයකට පසු, එමගින් ජන සංහාරයක් සිදු කර ඇති බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය ඓතිහාසික තීන්දුවක් මගින් නිගමනය කර තිබේ.
-

ගුරු පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනවල වෙනසක්: අලුත් දින මෙන්න
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වන දා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ. ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන නව දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
