Category Uncategorized

ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ගැන තවත් නියෝගයක්

මහේස්ත්‍රාත්වරයා නියම කළේ, මෙම නඩුවට අදාළ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් දෙසැම්බර් 01 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ය. රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ රැගෙන ආවේ ය. ක්‍රිෂ් ගනුදෙනුවට…

පන්දුව පළුදු කිරීමට මැදිවූ බැන්ක්‍රොෆ්ට්ගේ හෙළිදරව්වෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක

2018 වසරේ සිදුවූ වැලි කඩදාසි (Sandpaper) සිද්ධිය පිළිබඳ කුමන්ත්‍රණය ගැන මුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දැන සිටි බවට කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් කරන ලද ආන්දෝලනාත්මක හෙළිදරව්වත් සමග වත්මන් නායක පැට් කමින්ස් ඇතුළු ඔස්ට්‍රේලියා කණ්ඩායම මත දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

SriLankan එයාර්බස් අල්ලස් සිද්ධිය: නාමල් රාජපක්ෂට මහාධිකරණය අද දුන් නියෝගය

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දැන් අවසන් වී ඇති හෙයින් ඔහුගේ නිදහස තවදුරටත් සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස…

GTA 6: වසර 30කට පසු එක්වූ ‘ලුසියා’ නිසා වීඩියෝ ක්‍රීඩා ලෝකයේ අලුත් පෙරළියක් සිදුවෙයි ද?

වසර 30ක ඉතිහාසයක් ඇති Grand Theft Auto වීඩියෝ ක්‍රීඩා මාලාවේ දිගු කලක් බලා සිටි නවතම දිග හැරුමට පළමු වරට කාන්තා ප්‍රධාන චරිතයක් ඇතුළත් වේ. එහෙත්, ලුසියා කැමීනෝස් නම් තරුණ ලතින් ඇමෙරිකානු කාන්තාවගේ චරිතය ඇතුළත් කිරීමෙන් වීඩියෝ ක්‍රීඩා තුළ කාන්තා නියෝජනයේ…

චීනය සතු AI බලය ලෝකයට පෙන්වන Apec සමුළුව: ලෝක නායකයන් නොදකින ෂෙන්සෙන් නගරයේ සැඟවුණු යථාර්ථය

වයස අවුරුදු 27 දී, හුවාං ෂිහුවා චීන සිහිනය අත්විඳිමින් සිටියි. ඔහු ෂෙන්සෙන්හි පිහිටි ප්‍රමුඛ පෙළේ මානවරූපී රොබෝ සමාගමක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරයි. පුළුල් පරාසයක විහිදී ඇති ගිනිකොණදිග අගනගරය වන ෂෙන්සෙන් නගරය චීනය හඳුන්වන්නේ කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව සහ දේශීය නවෝත්පාදනයන්ගෙන්…

නාමල්ගෙන් මහින්ද රාජපක්ෂට බන්ධනාගාරයේ සිට උපන් දින සුබ පැතුමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන්, දින 50කට වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තබන ලද සුබ පැතුම් සටහන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

වසර 4ක සිර දඬුවමෙන් නිදහස් වීමට ඥානසාර හිමි ගොනු කළ අභියාචනයට ලැබුණු තීන්දුව

2016 මාර්තු 30 වන දින කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පැවති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන…

ශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි: වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය. එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය…

IPL 2027: මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉවතට; දෙදෙනෙක් පමණක් රඳවා ගැනෙති

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවාගන්නා සහ ඉවත් කරන ක්‍රීඩකයින් පිළිබඳ අවසන් ලේඛනය අඟහරුවාදා (නොවැ: 17) නිකුත් කෙරිණි. එහිදී, මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් ඉවත් කර තිබේ. චෙන්නායි…