Category Uncategorized

කාවන්තිස්සගේ මරණයේ සුලමුල හෙළි කර ගැනීමට ගන්නා පියවර ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ, කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වෙමින් පවතින බවයි. ඔහු කියා සිටියේ, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ස්වාධීනව විධිමත්භාවයකින් යුක්තව හා උපරිම විද්‍යාත්මක සාධාරණත්වයකින් යුක්තව සිදු කිරීම මගින් ඇතාගේ…

රඛිත රාජපක්ෂගේ දේපළ තහනම් කිරීම: අධිකරණයේදී හෙළි කළ කරුණු මොනවා ද?

ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනමට ලක් කළ නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන ඉදිරි මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කරමින් කොළඹ මහාධිකරණය අද (නොවැ: 05) නියෝගයක් නිකුත් කළේ ය. අල්ලස් කොමිසම විසින්…

රිපබ්ලිකන් පක්ෂය දරුණු පරාජයක් ලැබීමට බලපෑ හේතු 5ක්

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරමින් කොංග්‍රසයේ පාලනය සියතට ගෙන තිබේ. මෙම මැතිවරණයේදී වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසර දෙකක පාලන කාලය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකේ. කෝපයට පත් ඡන්දදායකයින්ගේ සිට ජනප්‍රියත්වය ගිලිහුණු ජනාධිපතිවරයෙකු දක්වා, රිපබ්ලිකන් පක්ෂයට මෙතරම් ආසන සංඛ්‍යාවක් අහිමි…

ඉරාන යුද්ධය මැතිවරණ පරාජයට හේතු වූ බව කියමින් ට්‍රම්ප්ට වෑන්ස්ගෙන් දැඩි විවේචනයක්

ඉරාන යුද්ධය හේතුවෙන් සිය පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් පරාජයට පත් වූ බවට ඍජුව ම චෝදනා කරමින් උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් බදාදා වොෂින්ටනයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ ය. එය 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින පසුබිමක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දුරස්…

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය ලෝකයට බලපාන්නේ කෙසේ ද?

මෙම ප්‍රතිඵලය ඇමෙරිකානු දේශපාලන භූමිකාවේ විශාල වෙනසක් සනිටුහන් කරන අතර, එය ජනාධිපතිවරයා මුහුණ දුන් දැඩි දේශපාලන පසුබෑමක් ලෙස සැලකේ. ඉරානය සමග පැවති යුද්ධය සහ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ අපේක්ෂකයින් පරාජයට පත්වූ බව ට්‍රම්ප් පිළිගෙන තිබේ. ඇමෙරිකානු…

2025-2026 වත්කම් හා බැරකම් ප්‍රකාශ: ජනපති, අගමැති, කතානායක, විපක්ෂ නායකගේ වත්කම්වල වෙනස් වී ඇත්තේ මොනවා ද?

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි: අධිකරණයේදී හෙළිවූ කරුණු මොනවා ද?

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අද (නොවැම්බර් 04වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 26කි.

ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා වීමට නියමිත අබ්දුල් එල්-සයෙඩ් කවුද?

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී, ඩිමොක්‍රටික් පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලය සඳහා කොංග්‍රසයේ පාලනය හිමි කරගෙන තිබේ. එහෙත්, වෙනත් හේතුවක් නිසා ද මෙම මැතිවරණය ඉතිහාසගත විය හැකිය. මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ්, ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා…

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බළකොටු බිඳ වැටෙයි: ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්

ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ඩිමොක්‍රටික් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස පැවති ප්‍රාන්තවල සෙනෙට් ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් අපේක්ෂකයෝ සමත් වූහ. විශේෂයෙන්ම කෙන්සාස් ප්‍රාන්තය වසර සියයකට ආසන්න කාලයකට පසු ඔවුන් ජයග්‍රහණය කළේය.

සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ හැකර්කරුවන් ග්‍රහණයට ගත්තේ කෙසේ ද?: තාක්ෂණික උපකරණවල ආරක්ෂාවට කුමක් වෙයි ද?

යුරෝපය පුරා සුපිරි වෙළෙඳසල් රැසක ශීතකරණ සහ අධිශීතකරණවලට එල්ල වූ බවට සැක කෙරෙන සයිබර් ප්‍රහාරයක් සමග කාර්මික යන්ත්‍රෝපකරණවල සිට නිවෙස්වල භාවිත කරන සාමාන්‍ය විදුලි උපකරණ දක්වා ඉන්ටර්නෙට් සමග සම්බන්ධ උපාංගවල ආරක්ෂාව පිළිබඳව කණස්සල්ලක් මතු වී තිබේ.