පැයක පමණ අධික වර්ෂාපතනයකින් පවා කොළඹ නගරයේ ස්ථාන ගණනාවක් ක්ෂණිකව ජලයෙන් යටවීම මේ වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. මෑතකදී ඇදහැළුණු වර්ෂාවත් සමඟ කොළඹ ගුණසිංහපුර සහ නොරිස් ඇළ ඇතුළු ප්‍රදේශ රැසක් මෙලෙස ජලයෙන් යටවිය.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වූයේ, නගරයේ කාණු පද්ධතියේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම, ඇළ මාර්ගවල කසළ සිරවී අවහිර වීම සහ තැන තැන අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. මීට අමතරව, කොළඹ නගරයේ කසළ ගැටලුව විසඳීමේදී කොළඹ මහ නගර සභාව යන්ත්‍රෝපකරණ හිඟයකට ද මුහුණ දී සිටියි.

