පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාර දී තිබේදැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වන දා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (නොවැ. 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය.

