පල්ලියක් තුළ ‘අශෝභන ක්‍රියාවක්’ කළැයි බංග්ලාදේශ යුවළක් සෞදියේදී මරා දැමෙති

සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක පසුගිය බදාදා මරණ දණ්ඩනයට ලක් කර තිබේ. අදාළ වරදකාරී ක්‍රියාව කුමක් ද යන්න පිළිබඳව එම අමාත්‍යාංශය පැහැදිලි තොරතුරු ලබා දී නොමැත.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා සෞදි අරාබි රජය සම්බන්ධ කර ගත් බව බංග්ලාදේශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *