අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්, පොලිස්පතිවරයා ‘උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක්’ පෙනී යන බව සඳහන් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබිණි.

