මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉන්දියාවෙන් අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බිහිවනු ඇතැයි, හෙල්ල විසිකිරීමේ ආසියානු රන්පදක්කම් ලාභී රුමේෂ් තරංග පතිරගේ බීබීසී සිංහල වෙත පැවසීය.
2026 වසරේ ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටි ක්‍රීඩකයින් දස දෙනා අතරට රුමේෂ් ද ඇතුළත්ව සිටියි. ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාව ඇතුළු සිය අනාගත බලාපොරොත්තු ගැන ඔහු බීබීසී සිංහල සමග අදහස් පළ කළේය.

